ආදරනීය මව්නි දයාබර
ඔබ තුරුලේ උණුසුම් සුවයේ
නැලවෙන දාසෙන් විදු දරුවෝ
අපි වෙමු ඔබගේ පින්සර සුවබර
අභිමන් පැහැසර දූ දරුවෝ
අනාගතේ මග සරසන්නෝ
දාසෙන් අම්මෙනි දීඝායු
වොරැදේවා කිත් කුසුම් පිපී....................
පෙරඹර නැග එන බ්රහස්පති
තාරකාව සේ ඔබ සුදිලේ
නැණ ගුණ සිප් කිරි බිදු පොවනා
මාතාවනි ඔබ පා සිඹිමී
දාසෙන් අම්මෙනි දීඝායු
වොරැදේවා කිත් කුසුම් පිපී....................
රටදැය සුරකින සුරුවිරුවෝ
විදුලොව පොබයන දූ දරුවෝ
ඔබගෙන් විවරණ ලැබ බිහි වී
රට දැය ජාතිය දුලවන්නෝ
දාසෙන් අම්මෙනි දීඝායු
වොරැදේවා කිත් කුසුම් පිපී....................///
ආදරනීය මව්නි ............