කාගම එකල ස්භහව සවුන්දර්යයෙන් තිබූ ප්රදේශයකි. එම ප්‍රදේශයට ආලොකය ගෙන දෙමින් අප පාසල අරම්භ කරන ලදි
1938 පෙබරවාරි 02 කාගම ග්රාමයෙ තිබූ ධනවතෙකුට අයත් අයත් මල් වත්තක් අප පාසල ගොඩ නැංවීමට පරිත්‍යාග කර ඇත. පාසලේ පළමු ගුරුවරය වශයෙන් ඩී.ඩී සිරී මහතා ස්වෙච්චා සේවකයෙකු වශයෙන් එකල සිටි ළමුන් හට තමා දත් දේ කියාදීමට ඉදිරිපත්විය.
පාසලෙ පළමු සිසුවා වශයෙන් කේ.රංහාමි සිසුව පාසලට බදවාගෙන ඇති අතර අප පාසලට වැඩි සිසුන් ප්‍රමානයක් පැමිනීම නිසා 1-5 තෙක් වශයෙන් පැවිති අතර පසුව එය කෙමෙන් කෙමෙන් 1-13 තෙක් පංති පවත් වන ලදි.
අ/කාගම ආණ්ඩුවේ මිශ්‍ර පඨශාලාව 1938 පෙබරවාරි 02 දින ආරම්භ කරන ලදි. පාඨශාලාව අවට ගම්වාසි සියලු දෙනාගේම සහභාගීත්වයෙන් හා එම ධම්මාලෝක යතිවරයානන්ගෙ ප්‍රධානත්වයෙන් විවුර්ත කරන ලදි. ලොකු මේස 01,පොඩිමේස 01,අත්පුටු 01, පොඩි ඩෙස්ක් 06, පොඩි බංකු06, ලොකු ඩෙස්ක්06, ලොකු බංකු06,කලු ලෑලි 02, අලිමාරි01, වැලි ලෑලි 01, ගේ ලෑලි 01,ඇණ 10 ලෑලි 01, රක්ක 01, වශයෙන් පටන් ගත් අපේ පාසල වසර 85ක් තිස්සේ ක්‍රීඩා වලින් , කලා විශයන් වලින්ද විව්ධ ජයග්රහන ලබා අප පාසල වැඩි දියුනු කිරීමට එකල විඩුහල්පති තුමා අතුලු ගුරුමන්ඩලයත් ළමය් ගත් වෙහෙස අපමනය
2021 වර්ශයේ දී අප පාසල 1- වශයෙන් පත් වෙන ලදි. වර්ෂ 2022 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.
විද්‍යාගාරයක්, පුස්ථකාලයක් ද පාසලට එකතු විය.
විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 33ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 6කින් සමන්විතය. 400 පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "පාසල ප්‍රදේශයේ විශිෂ්ඨතම පාසලක් බවට පත්කිරීම" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2022 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.
|
ආරම්භ කළ වර්ෂය |
1938 පෙබරවාරි 02 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
මුල් ගුරුතුමාගේ නම |
D. D. සිරී මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
- |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
අ/කාගම ආන්ඩුවේ මිශ්‍ර පාසල |
|
පාසල භාරව කටයුතු කිරීම |
s.v. කිරිබන්ඩා මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1938 02 01 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
කගම පහේ ඇල මංසන්දිය අසල |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
කේ.රංහාමි |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
- |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1938පෙබරවාරි 02 |